මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබුණු බව පවසමින් අද (23) දිනයේ ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කිරීමට
වෘත්තීය සමිති රැසක් පියවර ගෙන තිබෙනවා.
කළමණාකරන සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පති ක්ෂේත්රවල නිලධාරීන්, වෛද්‍යවරු ඇතුළු තවත් අංශ කිහිපයකම වෘත්තීය සමිති මෙම විරෝධතාවය සදහා එක්වන බවයි දැනුම් දී ඇත්තේ.
විරෝධතාවයට එක්වන විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ අද දිනයේ කළු ඇඳුමින් සැරසී පාසල්වලට පැමිණෙන බවයි පැවසුවේ.
මේ අතර රුපියල් 25,000ක අතුරු දීමනාවක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාදිය යුතු බවට රජයට බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි මස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
අද පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර පැවසුවේ අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ ගැටලුවලට හෝ සෞඛ්‍ය සේවයේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.
ඒ, අනුව අද (23) දිනයේ දහවල් 12.00 සිට 2.00 දක්වා කාලය තුළ රාජකාරීවලින් බැහැරව එම කාලය තුල සියලුම ශාඛා සමිති රැස්වීම් කැඳවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු නොකළහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැළසුම් කර ඇති බව එම සංගමය අනතුරු අඟවනවා.
මේ අතර අද (23) පැවැත්වීමට නියමිත ජාතික විරෝධතා දිනයට ප්‍රතිචාර දැක්වීම සඳහා සංවර්ධන නිලධාරි සේවා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, රට ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක මෙවැනි කුමන්ත්රණකාරී කටයුතුවලට කිසිඳු සහයෝගයක් හෝ එකඟතාවයක් නොදක්වන බවයි.
