Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද රෑට අකුණුවලින් පරිස්සම් වෙන්නැයි කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයියේ ප්‍රදේශ කිහිපයකට අද (21) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (21) පස්වරු 12:00 සිට වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව මේ බව සඳහන් කරනවා.

අදාළ අවවාදාත්මක නිවේදනය හෙට (22) අලුයම 01.00 දක්වා වලංගු වන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.