Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චමල් රාජපක්ෂගේ භාර්යාවගේ දේහයට මහින්ද, ගෝඨා අවසන් ගෞරව දක්වයි

හිටපු කථානායක චමල් රාජපක්ෂගේ අභාවප්‍රාප්ත බිරිඳ විජේවර්ධන චන්ද්‍රා මාලනීගේ දේහයට අවසන් ගෞරව දක්වන්න හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ද පැමිණි බවට වාර්තාවෙනවා.

හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බිරිදවන විජේවර්ධන චන්ද්‍රා මාලනීගේ දේහය රාජපක්ෂ පවුලේ මහ ගෙදර වන මැදමුලන නිවසට අද උදේ 10.30ට පමණ රැගෙන එනු ලැබුවා.

අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලනීගේ අවසන් කටයුතු 18දා මැදමුලන පවුලේ සුසානභුමියේදී සිදුකිරීමට නියමිත බවට මේ වන විට නිවේදනය කරන තිබෙනවා.

ඒ අතර අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලන නිවසට රැගෙන ඒමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ද මැදමුලන නිවසට පැමින දේහයට අවසන් ගෞරව දැක්වු බවට වාර්තාවෙනවා.