ඓතිහාසික වැලිගම කුෂ්ටරාජගල සම්බන්ධයෙන් පැතිර යන විවිධ කටකතා සහ තොරතුරු ජනතාව නොමඟ යැවීමක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
කුෂ්ටරාජගල යනු ඓතිහාසික ශිලාමය ප්රතිමාවකි. මෙය ක්‍රි.ව. 6 වන හෝ 7 වන සියවසට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා.මෙම ප්‍රතිමාව වැලිගම නගරයේ ඓතිහාසික අග්‍රබෝධි රාජමහා විහාරස්ථානය සහ වැලිගම සේනානායක ක්‍රීඩාංගනය අසල පිහිටා තිබෙනවා.
එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයක් ලෙස නම් කොට ඇති අතර, මේ වනවිට දැව යොදා ගනිමින් මෙම ස්ථානයේ ඉදිකිරීමක් කරමින් පවනවා.
ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරුවෙමින් පවතිනවා. තවද පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් බැවින් එයට හානි කිරීමට උත්සාහ ගන්නා බවට ජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා.
කෙසේ නමුත් මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් වික්‍රමසිංහ කරුණු දැක්වීමේදී,
ඓතිහාසික කුෂ්ඨරාජගල පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා තමයි තොරතුරු මධ්‍යස්ථානයක් හදන බවටත්, මෙම එම ස්ථානයට හානියක් නොවන ආකාරයෙන් ඉදිකිරීම කරන බවත්, එම ව්‍යාපෘතිය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ටිකට් කැඩීමක් කරන්නේ නොමැති බවටත් අවධාරණය කරනවා.










