මවගේ අවවාද හේතුවෙන් ගෙදරින් පලාගිහින් කොළඹදී අතරමංවු දරුවෙකු දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන නැවත එම දරුවාගේ මවට භාරදී තිබෙනවා.
පසුගිය 28 වැනි දින කොළඹ, දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් මෙම සිදුවීම වාර්තාවෙනවා.
හලාවත නගරයේ ප්රසිද්ධ පාසලක 7 වසර පන්තියේ ඉගෙණුම ලබන, හලාවත විලත්තව ප්රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකුව මෙලෙසඅ අතරමංවීමෙන් අනතුරුව සොයා ගෙන තිබෙනවා.
.එම දරුවාගේ පියා විදේශ ගත වී සිටීම හේතුවෙන් දරුවා තම මව බාරයේ සිට ඇත.කිසියම් හේතුවකට මව විසින් ඉකුත් 27 වැනිදා දරුවාවට අවවාද කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
සුපුරුදු ලෙස 28 වැනිදා පෙරවරුවේ පාසලට ගොස් ඇති දරුවා පාසල අවසන් වීමෙන් අනතුරුව හලාවත දුම්රිය ස්ථානයෙන් දුම්රියේ නැගී දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇත. භාරකරුවෙකු නොමැතිව දුම්රිය ස්ථානයේ රැදී සිටින දරුවා පිළිබදව විමසිලිමත් වී ඇති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහුගෙන් ඒ පිළිබදව විමසා දරුවාගේ මවට දුරකතන ඇමතුමක් ලබා දී සිද්ධිය දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර තම දරුවා අතුරුදහන්වී ඇති බව මව විසින් හලාවත පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා
අනතුරුව මව හලාවත පොලිසියේ නිලධාරීන් සමග දෙමටගොඩට ගොස් දරුවාව භාර ගැනීමට කටයුතු කර තිබෙන බවත් වාර්තාවෙනවා.
