මියගිය තරුණයාගේ සිද්ධියට හෝමාගම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම්

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේදී සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමකට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එලෙස හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (29) දිනයේදී සිදු කිරීමට නියමිතයි.