කුවේට් රාජ්යයේ සිටි ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ද ටයිම්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ සාක්ෂි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙන වෙනම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇති එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
අනෙක් කාන්තාවගේ මළ සිරුර අල්-නහ්ඩා ප්රදේශයෙන් හමුව ඇති අතර, කාන්තාවන් දෙදෙනාගේම දේහයන් අධිකරණ වෛද්ය දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව ද ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇති එක කාන්තාවක් 1988 වසරේ උපත ලබා ඇති අතර,අනෙක් කාන්තාව උපත ලබා ඇත්තේ 1999 වසරේ දීයි.
අධිකරණ වෛද්ය සොයාගැනීම් සහ අඛණ්ඩ පරීක්ෂණ මගින් කාන්තාවන් දෙදෙනා මිය ගිය ආකාරය සහ මෙම සිදුවීම්වලට යම් අපරාධ ක්රියාවන් සම්බන්ධ ද යන්න තහවුරු කරගිමට නියමිතයි.










