පැවති අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ ප්රධාන ජලාශ 13ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශයේ ප්රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි පවසනවා.
ප්රධාන ඉංජිනේරුවරයා පවසන්නේ මධ්යම ප්රමාණයේ ජලාශ අටක් ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි.
මේ අතර ඊයේ (22) දිනයවන විට දැදුරුඔය සහ රාජාංගනය යන ජලාශවල විශාල ජාල ප්රමාණයක් වාන් දොරටු හරහා මුදාහැරීමට කටයුතු කළ බව සඳහන් කළ ප්රධාන ඉංජිනේරුවරයා කෙසේ වෙතත් මේ වනවිට වර්ෂාපතනය අඩුවීමත් සමඟ එලෙස මුදාහරින ජල ප්රමාණය අඩුකර ඇති බවයි පැවසුවේ.
කෙසේ වෙතත් ගංගා සහ ජලාශවල පහළ ප්රදේශවල වෙසෙන ජනතාව සැළකිලිමත්ව පසුවන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.
එමෙන්ම ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම වෙනස් විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර පැවති අධික වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ පවතින ජලාශවල ජල මට්ටම 55%ක පමණ අගයක පවතින බව සඳහන් කළ ප්රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි, ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනයත් සමඟ එම අගය තව දුරටත් ඉහළ යනු ඇති බවයි අවධාරණය කළේ.
