2017 වසරේදී ඝාතනය වූ ගල්ගමුව ප්රදේශයේ සැරිසැරූ ”දළ පූට්ටුවා” නැමති හස්තියාගේ දළ යුගලය වංචනිකව කපා සන්තකයේ සඟවා තබාගැනීම සමිබන්ධ ග්රාම නිළධාරිවරයෙක් ඇතුළු චූදිතයන් සිවිදෙනකුට එරෙහි නඩු විභාගය 2027 ජනවාරි 25 දින නැවත කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
එදිනට නඩුවේ චූදිතයන්ට අධිකරණයේ පෙනීසිටින ලෙසද කුරුණෑගල පළාත්බද මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුව ඉකුත් 19 වැනිදා කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවෙි විභාග වූ අතර එහිදී මෙම නියෝග නිකුත් කෙරුණා.
අලි ඇතුන්ගේ පවතින ආර්ථික වටිනාකම සහ රජයේ සේවකයින් අපරාධවලට සම්බන්ධ වීම සුළුවෙන් තක්සේරු නොකළ යුතු බවත්, මෙම නඩු කටයුත්ත සකස් කිරීමේදී අඩුපාඩු සිදුවී තිබෙන බවද මහාධිකරණය විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුව අවවාද කරමින් පෙන්වා දුන්නා.
නඩුවෙි චෝදනාව වෙනස් වීය යුතු බවත්, විමර්ෂණයේ අඩුපාඩු සිදුවී තිබෙන බවත්, එම අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකි බවද, අධිකරණයට ඉදිරිපත්වෙන කරුණුමත අපරාධය ඔප්පු වුවහොත් උපරිම දඩුවම නියම කිරීමට සිදුවන බවද, පරිසර සංවිධාන ඉල්ලීමි කළ පමණින්ම හැගීම මත දඬුවම් ලබාදීමට අධිකරණයට නොහැකි බවද පවතින නෛයිතික රාමුව තුළ උපරිම දඬුුවම ලැබෙන බව කුරුණෑගල පළාත්බද මහඅධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.










