ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළා.
එදිනට සිව්වැනි සැකකරුගේ ඇප ඉල්ලීමේ සම්බන්ධ නියෝගය ලබාදෙන බව ද මහේස්ත්රාත්වරයා නියෝග කළා .
අද (16) දින තුන්වන සැකකාරියගේ ඇප ඉල්ලීමේ නියෝගය කියවා දුන් අතර සුවිශේෂි කරුණු ඉදිරිපත් නොවීම නිසා එම සැකකාරියගේ ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේ කරනු ලැබුවා.
සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
ජනාධිපති නීතීඥ අලි සබ්රි හතරවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.
සිද්ධියට අදාළ වැඩිදුර වර්තා ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.
