බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කරමින්, බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් චක්ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවල දී සිවුර දැරීමට හැකිවන පරිදි රෙගුලාසි වෙනස් කර ඇති බව සඳහන්.
එම චක්රලේඛය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්යවරයා දුන් උපදෙස් ප්රකාරවයි.
අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් එම උපදෙස් ලබා දුන්නේ, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද ජනපති විශේෂ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමින්.
එම වාර්තාව පෙරේදා දිනයේ දී ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙනු ලැබුවා.
.
