කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේ අවන්හලක් ඉදිරිපිට දී වෙඩි තබා පුද්ගලයෙකු සහ කාන්තාවක් ඝාතනය සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ඊයේ (15) රාත්රියේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 24, 26 හා 36 වයස්වල පසුවන කළුතර දකුණ හා අගලවත්ත යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් භාරයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන 02ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 01ක් සහ සොරකම් කරන ලද බවට සැක කරන ත්රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 09 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම අපරාධය සිදුකළ තිබුණා.
