අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (15) දින නියම කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදියි.
පැමිණිල්ලේ සාක්ෂි අංක 38,129,12,13,130,66,119,170,171, 84,86,87 යන සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණයෙන් අවවාද කරනු ලැබුවා.
තවද සිද්ධියට අදාලව 89 වැනි සාක්ෂිකරුට සිතාසියක් ද අධිකරණයෙන් නියම කරනු ලැබුවා.
සිද්ධියට අදාලව අද අධිකරණයේ නාවික හමුදාවේ ලේඛම් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු ,ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධාක නිලධාරියකු , නුගේගොඩ දිසා අධිකරණයේ ලිපිකරුවෙකු , ව්යාපාරිකයෙකු, සාක්ෂි ලබා දුන්නා.
සාක්ෂි මෙහෙය වීම රජයේ අධි නීතීඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා විසින් සිදු කර අතර හරස් ප්රශ්න මෙහෙය විම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් විසින් සිදු කළා.
පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කොට තිබු 2009/ 3/31 සිට 2015 / 3/ 31 දක්වා කාලය සදහා වු එවකට නාවික හමුදාවේ සේවය කළ විත්තිකාර යෝෂිත කණිෂ්ක රාජපක්ෂ විසින් නාවික හමුදාවට ඉදිරිපත් කර තිබු අදාල වර්ෂ වලට අදාල වත්කම් බැරකම් ප්රකාශ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ කපිතාන් නුවන් තුෂාර අරන්දල අධිකරණයට දන්වා සිටියා.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද දින කැඳවු අවස්ථාවේදී පැමිණිල්ලේ 122 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබු නාවික හමුදා කෝමදෝරු ගාමිණි ප්රීයදර්ශන අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ විත්තිකාර Y.K රාජපක්ෂ මහතාට නාවික හමුදාවෙන් ගෙවන ලද වැටුප් හා දීමනා සම්බන්ධයෙන
එම සාක්ෂිකරු විසින් හිටපු නාවික හමුදාපති T. සින්නයියා විසින් නිකුත් කොට තිබු ලේඛන කිහිපයක් පිළිබදව සාක්ෂි ලබා දෙනු ලැබුවා.
විත්තිකරුට 2016 දෙසැම්බර් මුලික වැටුප ලෙස රුපියල් 16,500/= මුදලක් ගෙවා ඇති බවත් ඉන් රුපියල් 110/= මුදලක් අඩු කර ඇති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් නැගු හරස් ප්රශ්නයට පිළිතුර දෙමින් සාක්ෂිකරු පවසා සිට්යා.
ඒකී 16,500/= මුදල යනු මුදල දල වැටුප බවත් නාවික හමුදාවෙන් ගෙවනු ලබන සෙසු දීමනා එයට අඩංගු නොවන බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම අදාල කාලයේදී ඔහුට ගෙවන ලද දීමනා වල වටිනාකම පැමිණිල්ල ඉදිරිපත් කළ ලේඛන වල නොමැති බවද සාක්ෂිකරු අධිකරණයේ දී පැවසුවා.
සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න යොමු කරමින් ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ විසේශ රටවල පුහුණු පාඨමාලාවලට යන විට අමතර විශේෂ ගෙවීම් සිදු කරවාද යන්නයි.
එම අවස්ථාවේදි සාක්ෂිකරු පවසා සිටියේ ඩෝලර්වලින් ගෙවීම සිදු කළ බවයි.
එයට පිළිතුරු දෙමින් ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ පවුම්වලින් පාඨමාලා ගාස්තු 20,362 ක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් පවුම් 4177.80 ක මුදලක් ආහාර පානවලට ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවයි.
එම අවස්ථාවේදි රජයේ අධි නීතීඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එම ගෙවීම්වලට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් අනුමැතිය ඉල්ලා තිබුණා ද ඒ කාගෙන් ද යන්නයි.
එහිදී සාක්ෂිකරු පවසා සිටියේ එම අනුමැතිය ලේකම් මහජන ආරක්ෂක සාමය පිළිබද අමාත්යංශය විසින් ඉල්ලා ඇති බවයි.
124 වන සාක්ෂිකරු අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ 2006 සිට 2016 පෙබරවාරි දක්වා කාලය තුළ රුපියල් 5,150,626 ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවයි. එයට වැටුප් සහ මුලික දීමනා අයත් වන බවද දන්වා සිටියා.










