හෝමාගම පොලිස් වසමේ මාවත්ගම ප්රදේශයේදී ඊයේ (14) දින රාත්රී මධ්යම අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාලව අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පල කර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 21 ක් වන මාවත්ගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු පුද්ගලයින් හට මුහුණු පොතේ ව්යාපාරික ගිණුමක් මඟින් වාහන විකුණා දෙන බවත්, ඒ සඳහා සතියකට රුපියල් 5,000/ – ක්ද, සති දෙකකට රුපියල් 10,000/- ක්ද, මාසයකට රුපියල් 15,000/- ක් ලෙස මුදල් ගෙන වාහන විකුණා දෙන බවට ජංගම දුරකථනයෙන් පවසා මුදල් ලබාගැනීමෙන් පසු දැන්වීම් පල නොකර පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරමින් සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් චංවා කිරීම යන වැරදි සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මධ්යම අපරාධ විර්මශන කාර්යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.
