සිර දඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සිර දඩුවම් නියම වි සිටින සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.










