දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන්.
මේ අතර අද දිනයේ දී දිවයිනේ උතුර, නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කලගුණ නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිඑදන්යේ සඳහන්.
