වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම අනතුරෙන් එක් මෝටර් රථයක රියදුරෙක් සහ අනෙක් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් වෛද්‍යවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.
අනතුරත් සමග ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර වාද්දුව පොලිසියේ රථවාහන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යථා තත්ත්වයට පත්කෙරුණා.
තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ,වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.













