අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන අය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට සහ සිරිල් ගාමිනී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණා.













