බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා ගොනු කළ පෙත්සමක් කැදවීමෙන් අනතුරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කළා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ බදුරලිය ක්‍රීඩා සමාජය සහ තවත් ක්‍රීඩා සමාජ කිහිපයක් පහල කාණ්ඩයට ඇතුළත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා ගත් තීරණය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට පෙත්සම්කරු පෙන්වා දෙනවා.
ඒ අනුවයි වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පාර්ශවයට මේ පිළිබඳ කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී ඇත්තේ.













