චීනයේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ බවට අඟවමින් ජනතාව රැවටීමට ලක් කරන ලද පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් අද (11) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම සිදුකර තිබෙනවා.
මෙම පාවහන්වල නිෂ්පාදකයාගේ නම, ලිපිනය නොමැතිව, පිටරටින් ආනයනය කරන ලද පාවහන් බව අඟවමින් මෙලෙස සාප්පු සංකීර්ණවලට විකිණීම සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
බදු නොගෙවා මෙම පාවහන් කොටස් මෙරටට ගෙන්වා ඇද්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතිනවා.
එමෙන්ම වැටලීමෙන් සොයා ගනු ලැබූ පාවහන් කොටස් මුද්‍රා තබා විමර්ශන කටයුතු සිදුකර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













