අම්පිටියේ සුමනරත්න හිමියන්ට දැඩි කොන්දේසි සහිතව ඇප

මඩකලපුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයට ඇතුළු වී එහි රාජකාරියේ නියුතු රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මෙලස ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගිය අගෝස්තු 31 වනදා මඩකලපුව, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයට තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමග ඇතුළු වූ සුමනරත්න හිමියන්, එහි සිටි රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කළ බවට අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර, එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය සඳුදා (07) මඩකලපුව පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී, මඩකලපුව මහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53