පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින සාක්ෂි විශ්වාසදායක නැති බවත්, සිදුව ඇති අසාධාරණයට සාධාරණයක් ඉටු කර ගැනීම උදෙසා ජාත්‍යන්තර හමුවට යන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
සාගර කාරියවසම් ඇතුළු පිරිසක් අද (09) දින පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.
තවදුරටත් අදහස් පළ කළ සාගර කාරීයවසම් කියා සිටියේ, විදේශගත පුද්ගලයෙකුගේ ප්රකාශයක්මත පමණක් පදනම් කර ගනිමින් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇප නොදි රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන පළිගැනීමක් වශයෙන් දකිනා බැවින් මේ සම්බන්ධයෙන් විදේශ රටවලට මෙන්ම ජාත්‍යන්තරයට පැමිණිලි කොට සාධාරණයක් ඉටුකර ගැනීමට පියවර ගන්නා බවයි.
ඊට ප්‍රථමයෙන් ඉදිරි පියවර සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැ දැක උන්වහන්සේලා දැනුවත් කිරීමට පියවර ගත් බව සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.













