බෙල්ජියමේ අර්ධ සන්නායක තාක්ෂණික රහස් චීනයට ලබාදුන් බවට සැකයක්

අධි තාක්ෂණික අර්ධ සන්නායක නිෂ්පාදනයට අදාළ බුද්ධිමය දේපළ සහ වෙළෙඳ රහස් චීනයට නීතිවිරෝධීව ලබාදුන් බවට සැකපිට, චීන සහ බෙල්ජියම් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බෙල්ජියම් බලධාරීන් විසින් රඳවාගෙන තිබෙනවා.

52 හැවිරිදි සැකකරු බෙල්ජියමේ Belgan නමැති මයික්‍රොචිප් නිෂ්පාදන සමාගමේ මීට පෙර ජ්‍යෙෂ්ඨ තනතුරක් දැරූ පුද්ගලයෙකු බව එරට නීතිපති බලධාරීන් පවසනවා.

විදුලි වාහන, අභ්‍යවකාශ තාක්ෂණය සහ හමුදා උපකරණ සඳහා භාවිත වන Gallium Nitride – GaN අර්ධ සන්නායක නිෂ්පාදනය Belgan සමාගමේ විශේෂත්වයක් වී තිබුණා.

බෙල්ජියම් බලධාරීන් සැක කරන්නේ Belgan සමාගමේ සේවය කරන අතරතුරම මෙම පුද්ගලයා, එම වර්ගයේම චිප් නිෂ්පාදනය කළ චීන සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි. එම චීන සමාගමට චීන ආයෝජන අරමුදලකින් මූල්‍ය පහසුකම් ලැබී ඇති බව ද විමර්ශකයන් පවසනවා.

ඒ හරහා GaN චිප් නිෂ්පාදනයට අදාළ විශේෂිත තාක්ෂණික දැනුම, බුද්ධිමය දේපළ සහ වෙළෙඳ රහස් විදේශයකට නීතිවිරෝධීව මාරු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු පසුගිය මැයි මාසයේ බීජිං බලා පිටත්වීමට සූදානම්ව සිටියදී Zaventem ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා පූර්ව නඩු විභාග රැඳවුම් භාරයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19