2026 වසරේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වනවා.
අද (07) සිට එළැඹෙන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා මෙම පාසල්වාරය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (06) දිනයේ සිදුකෙරුණා.
මේ අතර 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වනදා සිට දෙසැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.













