ආරවුලක් නිසා අවුරුදු 16 පුතු, පියා අවසන් ගමන් යවයි

ආරවුලක් දුරදිග යාම හේතුවෙන්, පුත්‍රයෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (05) සිය පියා ඝාතනය කර තිබෙනවා.

ඒ මාතලේ පොලිස් වසමේ, උකුවෙල ප්‍රදේශයේදී යි.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 40ක් වන මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාතලේ පොලිසිය, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.