කොල්ලුපිටිය 06 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම අලුයම 3ට පමණ සිදු වූ වෙඩි තැබීමට හේතුව පුද්ගලික හේතුවක් බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීමේ දී කාන්තාවන් දෙදෙනෙක් ඉලක්ක කර තිබූ අතර වෙඩි වදිඋමෙන් තුවාල ලැබූ එක් කාන්තාවක් රෝහල් ගත කර තිබෙනවා.
අදාළ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක සිට, එළිමහනේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.













