සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා එංගලන්ත වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විස්සයි විස්ස තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව ඇති අතර උප නායකත්වය චරිත අසලංකට හිමිව තිබෙනවා.
එමෙන්ම කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතය සමඟ එක්වීමේ අවස්ථාව හිටපු නායක දසුන් ශානක හිමිව තිබීම විශේෂත්වයක්.
නම් කරන ලද එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), ජනිත් ලියනගේ, පවන් රත්නායක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්දු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග
නම් කරන ලද විස්සයි විස්ස සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක),පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර,කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 05 වැනිදා පිටත්ව යාමට නියමිතයි.













