වෛද්‍ය නොසැලකිල්ලලෙන් නූපන් දරුවා මව්කුස තුළම අහිමි වූ බව කැකිරාවේ කාන්තාවකගෙන් පැමිණිල්ලක්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයකුගේ නොසැලකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් මෙලොව එළිය දැකීමට සිටි තම දරුවා තම බිරිදගේ කුස තුළදී මියගිය බවට කැකිරාව ප්‍රදේශයේ පදිංචි තරුණ අඹුසැමි යුවලක් විසින් අනුරාධපුර පොලිස් ස්ථානයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණීල්ලක් සිදුකර තිබෙනවා.

කැකිරාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණ මවක මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ නිසි ලෙස වෛද්‍ය සායනික කටයුතු වලට ද සම්බන්ධ වී ඇති ඇයගේ ගර්භණි සටහන්පත් වල සඳහන් ආකාරයට බලාපොරොත්තු වන ප්‍රසූත දිනය ලෙස සටහන්ව ඇත්තේ ඉකුත් 17 වැනිදායි.

ඒ අනුව තමන්ට ප්‍රසව ලක්ෂණ පහළ නොවීම නිසා ඇය සිය සායනික කටයුතු භාරව සිටි කැකිරාව රෝහලේ නාරි හා ප්‍රසව කටයුතු සම්බන්ධ වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ දරු ප්‍රසූතිය සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් වන ලෙසයි.

ඒ වන විටත් ඇයගේ වෛද්‍ය සටහන් අනුව ගර්භයට සති 40ක් සම්පූර්ණව තිබූ බව ඇය පවසනවා.

ඒ අනුව ඇය ඉකුත් 20 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් ව තිබුණා.

එම අවස්ථාවේ අනුරාධපුර රෝහලේ වාට්ටුවේ රාජකාරි බාරව සිටි වෛද්‍යවරයා දරුවා බිහිකළ නොහැකි බවත් දරුවා බිහි කිරීමට තවත් කල් ඇති බවත් පවසමින්, දරුවා බිහි කරවිම මඟහැර තිබෙන බව පැමිණිලිකාරිය චෝදනා කරනවා.

පසුව මේ අවස්ථාවේ දී ඇති වූ තත්ත්වයත් සමඟ ප්‍රකෝපකාරී හැසිරුණු වෛද්‍යවරයා සිය සෞඛ්‍ය හා සායනික ලිපි ලේඛන වෙත විසි කරමින් දරුවා බිහිකිරීමට තමන්ව යොමු කිරීම ප්‍රතික්ෂේප කරමින් පසු දින තමන් රෝහලෙන් නැවත නිවසට පිටත්කර යැවීමට කටයුතු කළ බව ඇය පවසනවා.

එලෙස නිවසට පැමිණ සිටි අතරතුර දී ඉකුත් 25 වෙනි දින ඇයට දරුවා ප්‍රතිචාර නොදක්වන සුළු තත්වයක් දැනීම හේතුවෙන් ඇය, කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් විසින් කටයුතුකර ඇති අතර, එහිදී ඇය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එහිදී අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ඇයගේ දරුවා කුස තුළ මියගොස් ඇති බවයි.

අනතුරුව පසු දින එනම් 26 වන දින දහවල් ඇයගේ කුස තුල සිටි මියගිය දරුවා ඉවතට ගැනීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණා.

එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ පෙකණීවැල දරුවාගේ ගෙල වටා එතීමෙන් දරුවාගේ මරණය සිදුව ඇති බවයි.

මිය ගිය දරුවා වෙනුවෙන් මළ උප්පැන්න සහතිකයක් ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඇය පවසන්නේ 20 වැනිදා දරුවා ලැබීමේ අපේක්ෂාවෙන් රෝහල් ගතවූ අවස්ථාවේ දරුවාගේ ප්‍රතිචාර හොදින් දැනුන බවත් එදින දරුවා ප්‍රසූත කළේ නම් මෙවන් අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට සිදු නොවන බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් එම අඹුසැමි යුවළ ඉකුත් 28 වැනිදා අනුරාධපුර පොලිසිය වෙත පැමිණීල්ලක් ද ඉදිරිපත්කර ඇති අතර ඔවුන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද මේ සම්බන්ධයෙන් පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30