චීන ජාතිකයාගේ ඝාතනයට චීන්නු දෙදෙනෙක් සීගිරියේ ලැඟුම්හලකින් අල්ලයි

චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතික සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා සීගිරිය ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ රැඳී සිටියදී ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර චීන ජාතිකයින් දෙදෙනා අවුරුදු 35 සහ 43 වයස්වල පසුවන බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

2026.07.23 දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ අතර, තවත් චීන ජාතිකයින් පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16