මාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි චමින්ද විජේසිරිට ඇප

මාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු ඉදිරිපත් කළ ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 50000ක මුදල් ඇපයක් මත ඔහුව නිදහස් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කළ ද, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම තහනම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පියා ඊයේ (23) දිනයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් ඔහුට මාස 18ක සිර දඬුවම් නියම කරන්නට බදුල්ල මහාධිකරණය පසුගිය ජූලි 28 වනදා කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38