ගල්නෑව පොලිස් වසමේ ගලේවෙල පාර, ගල්නෑව ප්‍රදේශයේ ගලා යන ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 02ක දරුවෙක්.
තම දරුවා නිවසේ නොමැති බවට දරුවාගේ පියා විසින් කළ පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් සහ ගල්නෑව පොලිසිය එක්ව අවට ප්‍රදේශය සෝදිසි මෙහෙයුමක් ඊයේ (23) දහවල් සිදුකර තිබෙනවා.
එහිදී දරුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ජලය ගලා යන ඇල මාර්ගයේ ඇති පාලමක සිර වී සිටිය දී හමු සොයාගැනීමට ඔවුන්ට හැකිව තිබෙනවා.
අනතුරුව කඩිනමින් දරුවා ගල්නෑව රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දරුවාගේ මෘතදේහය ගල්නෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













