TikTok සිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා ළමුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධ නඩුවක් අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වී ඇති තිබෙනවා.
මෙය එම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් සිදු වූ විශාලතම එකඟතාවන්ගෙන් එකක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තාවල පෙන්වා දෙනවා.
2024 දී අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමය තුළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.
එහිදී චෝදනා කෙරුණේ TikTok සහ එහි මව් සමාගම වන ByteDance විසින් වයස අවුරුදු 13ට අඩු මිලියන ගණනක් පරිශීලකයින්ගේ “විශාල දත්ත ප්‍රමාණයක්” රැස් කරගත් බවයි.
එසේ කිරීම 2000 වසරේදී බලාත්මක කෙරුණු ‘ළමුන්ගේ මාර්ගගත පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත’ (COPPA) උල්ලංඝනය කිරීමක් බවට චෝදනා එල්ල වුණා.













