මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර හෙට (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
සිව්වන කුඹල් පෙරහර හෙට (21) පස්වරු 06.40ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය අරඹන අතර, පෙරහැර ශ්‍රී දළඳා මාලිගාවෙන් ආරම්භව දළඳා වීදිය, කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි.
සළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
මේ අතර සිව්වන කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරෙන හෙට (21) දිනයේ මහනුවර නගරයේ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වනවා.















