වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් අලුත්ගම, දර්ගා නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලක් තිස්සේ එම ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්‍ථානයක් පවත්වාගෙන ගිය මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදු කරනු ලැබූ විමර්ශනයක දී ආන්වරණය වී ඇත්තේ, ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති බවයි.
මොවුන් දර්ගා නගරයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
සැකකරුවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අලුත්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













