විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමුළුව මේ බව පවසා තිබෙනවා.
අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ කලාපීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සුරැකීම අතිශය වැදගත් බවයි එම නිවේදනය මඟින් කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.













