Port City ආයෝජනවල ඉදිරිය ගැන විදෙස් ආයෝජකයින් සමඟ ජනපති සාකච්ඡාවක්

සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගෙන මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරිගැන්වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත් වී තිබෙන බව සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීහු මෙහිදී පෙන්වා දුන් අතර, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළා.

මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගත හැකි බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නා.

ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීන් මෙහිදී සහතික වුණා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ ටෑං චියාඕලියං (TANG QIAOLIANG), ඒකාබද්ධ අංශයේ නියෝජ්‍ය කළමනාකරු ජි හයිජුන් (JI HAIJUN), සීමාසහිත චීන වරාය ඉංජිනේරු සමාගමේ (CHEC) සාමාන්‍යාධිකාරී ෂැං ෂියාඕචියැං (ZHANG XIAOQIANG), CHEC ශ්‍රී ලංකා අංශයේ සාමාන්‍යාධිකාරී වෑං ගෑං (WANG GANG), කොළඹ වරාය නගරයේ CHEC කළමනාකාර අධ්‍යක්ෂ ෂියොං හොංෆෙං (XIONG HONGFENG) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18