මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට අධිකරණයෙන් ඉල්ලයි

ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් සිද්ධියේ මහමොලකාරියයැයි කියන ප්‍රධාන සැකකාරි වන ඉෂාරා සෙව්වන්දි මුහුණු පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සිද්ධියට අදාළ නඩුව ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී යි.

එහිදි මහේස්ත්‍රාත්වරයා එම සැකකාරිය ලබන 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන ඊයේ (10) නියෝග කළා.

පුරා මාස 09 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළා.

සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශේෂ මුහුණු පරීක්ෂාවක් කිරීමට ද අවසර ලබා දුන්නා.

නේපාලය බලා පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය ඔක්තෝබර්(2025) මාසයේ සිට රඳවා ප්‍රශ්න කිරීමේදී සොයාගත් සාක්ෂි සහ පරිවේෂණීය සාක්ෂිය තුළත් විශේෂ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සැකකාරිය මෙම ඝාතන සිද්ධිය සැලසුම් කළ ආකාරය හා ඊට සම්බන්ධ සැකකරුවන් හා ගනුදෙනු කළ ආකාරය පිළිබඳ විශේෂ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

ඝාතන සිද්ධිය සැලසුම් කල දා සිට මුදල් හුවමාරු වූ ආකාරය, සෙසු සැකකරුවන් විසින් ආයුධ ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආකාරය, ඝාතනය සිදු වීමෙන් අනතුරුව මතුගම වැලිපැන්නේ සිට මිද්දෙණියට පලා යෑම, මිද්දෙනියේ සිට යාපනය දක්වා ගමන් ගත් ආකාරය ඇතුළු සියලු කරුණු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කළ යුතු හෙයින් බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව සීසීටීවී දර්ශන හා සංසන්දනය කිරීමට මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව ලබන 17 දින රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51