පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා.
එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 25 වනදා දක්වා කල් තැබීමටයි අභියාචනාධිකරණය තීරණය කළේ.













