කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අවම බලය යෙදවීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඒ, අනුව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ වෙඩිතැබීමක් සිදුකිරීමට සිදුවූ බවයි.
කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.













