කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය සඳහා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව වාර්තා වනවා.
මෙම බන්ධනාගාර තුළ ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර පසුව එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් අද (0& උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව ඇති බවයි වාර්තා වුණේ.
ඒ, හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇති බව සඳහන්.













