කොකේන් සමඟ ඇල්ලූ සැකකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2016 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී කොකේන් ග්‍රෑම් 495ක් සමඟ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අද (06) දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.

විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා දෙකම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින්, දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

සැකකරු 2016.10.03 දින කොකෙන් ග්‍රැම් 495ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ශුද්ධ කොකෙන් ග්‍රැම් 375ක් අඩංගු බව රජයේ රස පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණා.

2018 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව වරදකරු කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක් වන මුස්ලිම් ජාතිකයෙකු වන මොහොමඩ් රාසික් නැමති පුද්ගලයෙකුටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13