2016 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී කොකේන් ග්‍රෑම් 495ක් සමඟ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අද (06) දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.
විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා දෙකම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින්, දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
සැකකරු 2016.10.03 දින කොකෙන් ග්‍රැම් 495ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ශුද්ධ කොකෙන් ග්‍රැම් 375ක් අඩංගු බව රජයේ රස පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණා.
2018 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව වරදකරු කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක් වන මුස්ලිම් ජාතිකයෙකු වන මොහොමඩ් රාසික් නැමති පුද්ගලයෙකුටයි.













