වසර 18කට පසු පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට

වර්තමානයේ බහුලව භාවිත කරන ඔන්ලයින් භාණ්ඩ අලෙවිය හෙවත් ඊ-වාණිජ්‍ය ක්‍රියාකාරකම් නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල නොමැති බැවින් එම පනත සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

2003 වසරේදී ප්‍රකාශයට පත් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත වසර 18ක් යනතුරු සංශෝධනය වී නොමැත.

අනාරක්ෂිත දෝෂ සහිත සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන ආපසු කැඳවීම, ඊ වාණිජ ගනුදෙනු නියාමනය, මාර්ගගත ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් සැකසීම, වෙළෙඳපොළ බුද්ධි තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම වැනි සංශෝධනද ඇතුළත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය වසර දහ අට තුළ පනත ක්‍රියාත්මක කිරීමේදී දෝෂ හා අඩුපාඩු රැසක් හඳුනා ගෙන ඇත.

පනත ආරම්භයේදී ඔන්ලයින් භාණ්ඩ අලෙවිය දේශීය වෙළෙඳපොළ තුළ නොමැති වීම නිසා නියාමන නීති රීති සකස් කර නොමැත.

දැනට ලැබෙන පැමිණිලි පවතින නීතිරීති යටතේ විභාග කළද එය විදිමත් නොවන බව සාකච්ඡාවලදී අනාවරණය වී තිබේ. කොවිඩ්-19 වසංගතය පැතිර යන කාල සීමාව තුළ එවැනි පැමිණිලි රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46