ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ දී මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වනවිට නවගමුව පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අවුරුදු 55ක බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ‘කොස් මල්ලී’ නැමැත්තාගේ මාමා කෙනෙක් බවයි වාර්තා වන්නේ.
‘කොස් මල්ලී’ නැමැත්තාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.













