හෝමාගම – කටුවාන කර්මාන්තපුරය ප්‍රදේශයේ කර්‌මාන්තශාලාවක අද (21) පෙරවරුවේ හටගත් ගින්න සමබන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මඟින් පොලිසිය පවසන්නේ ගින්න හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවට දැනට කරුණු අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් එලෙස මියගොස් සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
අද (21) පෙරවරුවේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම හොරණ නගර සභාව, කෝට්ටේ නගර සභාව, කොළඹ මහ නගර සභාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ රථ යොදවා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
හෝමාගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.













