හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) දහවල් දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණියා.
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න ද හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම පැමිණ සිටියා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ද අද (20) දහවල් පැමිණ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව පුදකර සිටියා.
හිටපු පොලිස්පතිවරයාගේ දේහය අවසන් ගෞරව දක්වන්න අද දිනයේත් දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, උසස් පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණි අතර, මේ වනවිටත් තවත් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි දසත නිව්ස් වාර්තාකරු පැවසුවේ.
සී.ඩී වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදුකිරීමට නියමිතව ඇත්තේ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.













