හිටපු පොලිස්පති සී.ඩීට අවසන් ගෞරව දක්වන්න මහජන ආරක්ෂක ඇමති පැමිණෙයි

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) දහවල් දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණියා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න ද හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම පැමිණ සිටියා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ද අද (20) දහවල් පැමිණ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහයට අවසන් ගෞරව පුදකර සිටියා.

හිටපු පොලිස්පතිවරයාගේ දේහය අවසන් ගෞරව දක්වන්න අද දිනයේත් දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, උසස් පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණි අතර, මේ වනවිටත් තවත් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි දසත නිව්ස් වාර්තාකරු පැවසුවේ.

සී.ඩී වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදුකිරීමට නියමිතව ඇත්තේ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14