නවගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට

නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු හා එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක්.

ඊයේ (19) පස්වරුවේ බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී සහ නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ දී අපරාධයට යොදා ගත් යතුරුපැදිය ද සමඟ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21 හා 29 වයස්වල පසුවන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ආරම්භ කර ඇති විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 26ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15