ප්‍රමිතිගත වී රුපියල් 100ට වඩා අඩු මිලකට දෙන්න එපා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

ප්‍රමිතිගත වී රුපියල් 100ට වඩා අඩු මිලකට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ගොවිජනතාවට දැනුම් දෙනවා.

වී මිල දී ගැනීම වෙනුවෙන් රජයේ ගබඩා විවෘත කර ඇති බවත්, රජය විසින් නියමකර ඇති බිල ගණන්වලට වී තොග මිල දී ගැනීමට පෞද්ගලික අංශය ද එකඟ වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ, අනුව ගොවියන් සතුව පවතින ප්‍රමිතිගත වී රුපියල් 100ට වඩා අඩු මිලකට අලෙවි නොකරන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

මේ අතර අහිංසක ගොවියන්ගේ වී, රජය නියමකර ඇති මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට මිල දී නොගන්නා ලෙසට පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නා පුද්ගලයින්ට නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව සඳහන් කළා.

එමෙන්ම සහල් සහ වී සඳහා පනවා තිබූ කොන්දේසි මේ වනවිට ඉවත්කර ඇති බව සඳහන් කළ ඔහු, සහල් නිෂ්පාදනයට පමණක් නොව සත්ව ආහාර නිෂ්පාදනය වැනි වෙනත් අතුරු නිෂ්පාදන සඳහා වී මිල දී ගැනීමට මේ වනවිට හැකියාව පවතින බවද ඔහු මෙහිදී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16