ලොවක් කතා කළ ගෝල රකින්නාගේ නමට නව මුහුදු ජීවි විශේෂයක්

මෙවර පාපන්දු ලෝක කුසලානයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ගෝල රකින්නෙක් වන කේප් වර්ඩ් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක වොසින්හාගේ නමින් මුහුදු සත්ව විශේෂයක් නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ස්පාඤ්ඤ පර්යේෂකයෙකු වන ජේසුස් ඕර්ටියා විසින් අලුතින් සොයා ගන්නා ලද සාගර මොලුස්කා විශේෂයකට මෙලෙස ‘වොසින්හා’ ලෙස නම් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඕර්ටියා විසින් සොයා ගන්නා ලද මෙම නව විශේෂය, රතු පැහැති පෙනුමකින් යුත්, මිලිමීටර් 04ක් පමණ වන කුඩා මුහුදු ගොළුබෙල්ලෙකු වන අතර, ඔහුගේ මෙම පර්යේෂණය හෙළිකරන තෙක්ම විද්‍යා ලෝකයට එය නොදන්නා සත්වයෙකුව සිටියා.

ඕර්ටියාගේ පර්යේෂණයේ දී හවානා, කියුබාව සහ ග්වාඩලූප් දූපත අසල කැරිබියන් දූපතේ දී ද මෙම විශේෂය සොයාගෙන තිබෙනවා.

ඔවියෙඩෝ විශ්ව විද්‍යාලයේ සත්ව ජීව විද්‍යාව සහ සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඕර්ටියා, අලුතින් සොයාගත් ජීවි විශේෂයක් පාපන්දු ක්‍රීඩකයෙකුගේ නමින් නම් කළ පළමු අවස්ථාව නොවෙයි.

මීට පෙර එනම් 2019 වසරේ දී, කුඩා සාගර මුහුදු ගොළුබෙල්ලන් විශේෂයක් සොයාගැනීමත් සමඟ එම ජීවි විශේෂය, රියල් මැඩ්රිඩ් සහ කොස්ටාරිකාවේ හිටපු ගෝල රකින්නා වන කීලර් නවාස්ගේ නමින් නම් කිරීමට ද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29